AD

Friday, May 11, 2012


                            ට්‍රොජන් හෝස්


     ට්‍රොජන් හෝස් යනු හානිකර මෘදුකාංග වර්ගයකි.අන්තර්ජාලය තුල හමුවෙන නොයෙක් යෙදවුම් මෘදුකාංග (Applicatin software) ලෙස මේවා පෙන්වා දෙයි.එහෙත් සැබැවින්ම ඒවා ප්‍රයෝජනවත් යෙදුම් නොවේ.නරක අදහසින් මෘදුකාංග නිර්මාණයය කරන්නන් විසින් යෙදවුම් මෘදුකාංග ලෙස වෙස් ගැන්වූ ඒවාය.


    මෙම ට්‍රොජන් හෝස් වැඩසටහන් ඊ - මේල් මඟින් පතුරවා හරියි.ඇතැම් වෙබ් අඩවි වල ප්‍රයෝජනවත් දෙයක් බව හැඟවෙන වගන්ති සහිත හයිපර් ලින්ක්ස් (hyper links) තිබේ.මේවා මත ක්ලික් කල විටද මෙවැනි ට්‍රොජන් හෝස් මෘදුකාංග ඉන්ස්ටෝල් වේ.



    ට්‍රොජන් හෝස් වැඩසටහන් මඟින් ඒවායේ නිර්මාණකරුට අපගේ පරගණකය පාලනය කල හැක.මෙය නිර්මාණය කල තැනැත්තාට අප පරිගණකයට පිවිස අපට නොදන්වා රහසේම පහත වැඩ කල හැක.

*පරිගණකයේ ඇති ෆයිල්ස් භාවිතා කිරීම.ඒවා ඩවුන්ලෝඩ් හා අප්ලෝඩ් කිරීම

*වෙනත් මෘදුකාංග ඉන්ස්ටෝල් කිරීම.
               
*ෆයිල්ස් වෙනස් කිරීම හා මකා දැමීම.

*පරිගණක තිරයේ කෙරෙන වැඩ නැරඹීම.

*පාස්වර්ඩ් හා අන්තර්ජාලය හරහා ගෙවීම් කරන ක්‍රෙඩිට් කාඩ් පිලිබඳ විස්තර ලබා ගැනීම

    විශ්වාසනීය ඇන්ටිවයිරස් වැඩසටහනක් හෝ ෆයර්වෝල් වැඩසටහනක් පරිගණකයේ ක්‍රියාත්මක වේ නම් මෙවැනි ට්‍රොජන් හෝස්වල ක්‍රියාකාරීත්වය වැළැක්විය හැක.
විජය පරිගණක 2011 ඔක්තෝම්බර් මස සඟරාව ඇසුරෙනි.

1 comment: